කොරෝනා සමයේ කිසිම අයුරකින්වත් විදුලිය විසන්දි නොකරයි.

Report
කොරෝනා සමයේ කිසිම අයුරකින්වත්  විදුලිය   විසන්දි නොකරයි.
9Shares

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව කිසිම අයුරකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියටත්, විදුලිබල මණ්ඩලයටත් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව වර්තමානයේ රට තුළ සිදු කෙරෙන කොරෝනා මර්දන ක්‍රියාන්විතය හමුවේ අතිශය තීරණාත්මක අඛණ්ඩ විදුලිබල සැපයුමකින් ජාතික පද්ධතිය බලගැන්වීමටත්, පීඩාවට පත් විදුලි පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන ලබා දීමටත් විදුලිබල අමාත්‍යාංශය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල ඇමතිවරයා පැවසීය

.