පොලිසියේ 598 කට – STF 224 කට කොරෝනා

Report
3Shares

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඞ් ආසාධිතයන් 439 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම සංඛ්‍යාව 160 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71 ක්ද / කලුතරින් 21 ක්ද / ගාල්ල හා මහනුවර දිස්ත්‍රික්වලින් 10 දෙනා බැගින්ද ඊයේ වාර්තා වුණා.

නුවරඑළියෙන් 04 ක් / කුරුණෑගලින් 03 ක් / අම්පාර හා මාතර දිස්ත්‍රික්වලින් දෙදෙනා බැගින් ඊයේ සටහන්වූ ආසාධිතයන් අතරට අයත්.

එමෙන්ම පුත්තලම – මඩකලපුව හා හම්බන්තොට දිස්ත්‍රික්වලින් හඳුනාගෙන ඇත්තේ එක් ආසාධිතයා බැගිනුයි.

පොලිසියේ 26 ක් / පොලිස් විශේෂ කාර්ය බලකායේ 10 ක් / විදේශයන්හි සිට පැමිණි 04 ක් හා වෙනත් 39 දෙනෙකුද මෙරටින් ඊයේ තහවුරු කරගත් ආසාධිතයන් අතර වනවා.

මේ අතර බන්ධනාගාර 05 කින් ඊයේ දිනයේදී ආසාධිතයන් වාර්තා වන අතර ඉන් 36 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් වනවා.

25 දෙනෙකු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයෙන්ද / 11 දෙනෙකු බූස්ස බන්ධනාගාරයෙන්ද වන අතර බෝගම්බර හා අගුණුකොළපැළැස්ස බන්ධනාගාරවලින් හඳුනාගෙන ඇත්තේ එක් ආසාධිතයා බැගිනුයි.

ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 6606 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 5796 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පොලිස් නිළධාරීන් 598 දෙනෙකුට හා පොලිස් විශේෂ කාර්ය බලකායේ 224 දෙනෙකුට මෙම කාලය තුළ කොවිඞ් වැළඳී ඇති අතර අද දිනය දක්වා බන්ධනාගාරවලින් හමුවූ කොරෝනා ආසාධිතයන් ගණන 629 ක්.