UNP මන්ත්‍රී ධුරය කාටද? තීරණය හෙටයි

Report
44Shares

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පත් කරන්නේ කවුරුන්ද යන්න හෙට දිනයේදී තීරණය කිරීමට නියමිත බව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් අනුරාධපුර පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

ප්‍රතිසන්ධාන කටයුතු සමග පක්ෂය තුල සිදුවන වෙනස්කම් ජනවාරි මාසය වනවිට ජනතාවට දැකගත හැකිවන බවද රුවන් විජේවර්ධන මහතා සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාද මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වුවා.

පසුගිය අගෝස්තු 05 වනදා පැවති මහ මැතිවරණයේ ප්‍රථිඵල අනුව එක්සත් ජාතික පක්ෂය සමස්ත දිවයිනෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙ ලක්ෂ 49 දහස් 435 ක්. ඒ අනුව ඔවුන්ට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.