අරලියගහ මැදුරත් වසා දමයි..ආරක්ෂක අංශයේ පිරිසකට කොරෝනා.

Report
6Shares

අග‍්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය තාවකාලිකව වසා වසා දමා ඇතැයි ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

එහි කාර්ය මණ්ඩලයට ද නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන්නැයිද දැනුම් දී ඇතැයි එහි සඳහන් වේ.

මෙම පියවර ගෙන ඇත්තේ අරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ නියුතු ආරක්ෂක සෙබළුන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන්නේ අරලියගහ මන්දිරයයේ නොව විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේයි.