පළමුවරට මෙරට දළ දේශීය නිශ්පාදනයෙන් රාජ්‍ය ආදායම 9.75%ට බැහැලා.. බරපතල ප්‍රශ්නයක්…

Report
2Shares

යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ සියළු වැරදි වසා ගැනීමට විපක්ෂය දැන් රජයට එරෙහිව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

මේ බව සඳහන් කළේ මොරවක දේශපාලන ක්‍රියාකාරීන් හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ,

” නිදහසින් පසුව ලංකාවේ පළමු වරට රටේ දළ දේශීය නිශ්පාදනයෙන් රාජ්‍ය ආදායම 9.75% දක්වා අඩු වෙලා තියෙනවා.ඒක රටක් විදියට බරපතල ප්‍රශ්නයක්.2015-2019 යහපාලන ආණ්ඩුව මේ රට දැඩි ආර්ථික අගාධයකට ඇදලා දාලා තිබෙනවා.එතනින් ගොඩ ඒම ඉතාම බැරෑරුම් ක්‍රියාවලියක්.රජය මේ උත්සහ කරන්නේ ඒ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීමටයි.මුළු ලෝකයම ආර්ථික වශයෙන් කඩ වැටීමකට ලක් වෙලා තියෙන වෙලාවක විපක්ෂය ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ කුමන ආකාරයේ ආර්ථික වැඩපිළිවෙළක් ද කියලා තේරුම් ගන්න අපහසුයි.නමුත් රට වෙනුවෙන් ගත යුතු හොඳම තීරණ රජය ගන්නා බව විශ්වාසයි. යහපාලන ආණ්ඩුව ගැහුවේ සහ ගහන බදු.වත්මන් රජය ඒ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා.අපිට අවශ්‍ය මේ රට පත් වෙලා තිබෙන ආර්ථික අර්බුධයෙන් මුදවා ගැනීමටයි.

ලෝකයම දැන් නව ආර්ථික වැඩපිළිවෙළක් සඳහා අවධානය යොමු කරමින් ඉන්නවා.ඒ අනුව ‘ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය’ වගේ සංවිධාන පිහිටවා ගෙන තියෙනවා.මේකට ආසියානු කලාපයේ රටවල් 10ක් ඇතුළුව ප්‍රබල රටවල් කිහිපයක් සම්බන්ධ වෙනවා MCC වගේ රටට බලපෑම් ඇති කරන අනවශ්‍ය ගිවිසුම් අත්හැරලා මෙවැනි දේකට යොමු වෙන්න කියලා රජයට අපි යෝජනා කරනවා.ඉදිරියේ දී ලෝකයේ විශාලම ආර්ථික කලාපය ඇති කිරීමට ඔවුන් සූදානම් වෙනවා.ලෝකයේ හොඳම තේ ටික හොඳම ගම්මිරිස් ටික හොඳම කුරුඳු ටික තිබෙන ලෝකයේ හොඳම මානව සම්පත හිමි අපේ රටට මේ අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක්.මෙවැනි දේ පිළිබඳ අවධානය යොමු කර රට ඉදිරියට ගෙන යාමට පාට පක්ශ භේදයක් නොමැතිව සියළු දෙනා දායක විය යුතුයි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ වීරසුමන මහතා පැවසුවේ වත්මන් රජය සියළු දෙනාගේ අදහස් යෝජනා පිළිබඳ අවධානය යොමුකරන බවයි.

අපි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ශය විදියට 2021 සඳහා වන අයවැයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරා.පසුගියදා අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දි ඒ යෝජනාවන්ගෙන් බොහෝමයක් අය වැයට ඇතුළත් කර තිබීම ගැන පක්ශයක් විදියට අපි සතුටු වෙනවා

නිශ්පාදිත ආර්ථිකයක් කරා ලංකාව ගෙන යාමේ ගමනට පක්ශ විපක්ෂ භේදයකින් තොරව සියළු දෙනා ආණ්ඩුවට සහය දෙමින් කටයුතු කරනවා නම් අපේ රට ඉක්මනින් මේ පත් වෙලා ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ගන්න පුළුවන්.”