ජනපති සොමාවතී පුදබිම වැඳ පුදාගනියි.

Report
1Shares

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද බිමේ පැවති ආගමික වතාවත්වලට එක්වී තිබෙනවා.

අද පෙරවරුවේ ජනතාවට සහ රටට සෙත් පතා මෙම ආගමික වතාවත් පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සෝමාවතී පුද බිමට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය හමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

එමෙන්ම සෝමාවතී සෑ රදුන් වෙත සිදු කෙරුනු කප්රුක් පූජාවකට ද ජනාධිපතිවරයා එක්වුනා.

එම පුද බිමේ ආපදා තත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ඉදි කෙරුණු හෙලිකොප්ටර් යානා අංගනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.