මුළු දිවයිනටම 6.00 සිට ඇඳිරි නීතිය (UPDATE)

Report
45Shares

අද (20) පස්වරු 6 සිට ලබන සදුදා පස්වරු 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කය මෙන්ම මිගමුව, කොච්චිකඩේ සහ ජා-ඇල හා වත්තල යන ප්‍රදේශවලට දැනට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 9.00 ට ඉවත් කර තිබෙනවා. එය නැවතත් අද මධ්‍යාන 12.00 ට ක්‍රියාත්මක බවයි පොලිස් මුලස්ථානය කියා සිටියේ.

කොරෝනා වෛරසය ආසාදනය වර්ධනය වෙමින් පවතින හේතුවෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි රට තුල ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

---------------------

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස වත්තල සහ ජාඇල යන පොලිස් බලප්‍රදේශවලටත් ඊයේ රාත්‍රි දහයේ සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.පුත්තලම දිස්ත්‍රික්කයට මෙන්ම වත්තල සහ ජාඇල, මීගමුව - කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශයටත් තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

එමෙන්ම, ඊයේ පස්වරු දෙකේ සිට යළි දැනුම් දෙනතුරු පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව - කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්.

ඊයේ දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව - කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශවලට උදේ 8 සිට පස්වරු 2 දක්වා තාවකාලිකව ඇඳිරිනීතිය ඉවත් කලද අද දින එසේ ඉවත් කිරීමට කටයුතු කර නැහැ.

එම නිසා අදාල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය බලත්මකයි.

-------------------------

අද (19) රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙනතුරු ජා-ඇල සහ වත්තල පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටියි.