මරණ දඩුවම නියමවූ හිටපු යුද හමුදා සෙබළට ජනපති සමාව

Report
24Shares

මරණ දඩුවම නියම වී සිටි හිටපු යුද සෙබළෙකු වන සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ අද නිදහස් කෙරුණා. සුනිල් රත්නායක සේවය කළේ යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙසයි. දිගු දුර විහිදුම් බලකායේ ද ඔහු කැපී පෙනෙන සෙබළෙකු වුණා.

යුද්ධය පැවති වකවානුවේදී මිරුසුවිල් යුද හමුදා කදවුර ආසන්නයේදී අට දෙනෙකු ඝාතනය කළ බවටයි සුනිල් රත්නායක චෝදනා ලැබ සිටියේ. ඉකුත් ආණ්ඩුව සමයේදී ඔහුට මරණ දඩුවම නියම කෙරුණා.

1574 total views