ඇඳිරිනීතිය තරමක් ලිහිල් කරයි.... අලුත්ම වෙලාව මෙන්න

Report
38Shares

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය යන කොරෝනා ව්‍යාප්තිය ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක‍්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

සෙසු දිස්ත්‍රික්ක සියල්ලටම අද පස්වරු 2.00ට පනවන ලද ඇදිරි නීතිය නැවත අප්‍රේල් 09 වන බ්‍රහස්පතින්දා පෙරවරු 6.00ට ඉවත් කරන බවයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම යලිත් එම දිස්ත්‍රික්ක එදිනම පස්වරු 4.00ට යළි පනවන බවද නිවේදනයේ සදහන්.

අත්‍යාවශ්‍ය සේවාවන් හැර කිසිදු හේතුවකට දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.