ඇඳිරි නීතිය පනවා තිබියදී මාළිගාවත්ත - ජුම්මා මස්ජීඞ් මාර්ගයේ නිවසක් අසල සිදුවූ මුදල් බෙදාදීම අතරතුරදී කාන්තාවන් තුන් දෙනෙකු තෙරපී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වැඩිදුර වාර්තාවක් කැඳවා තිබෙනවා.
ඒ, අළුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ මාලිගාවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු 07 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔවුන් ජුනි මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි විනිසුරුවරිය නියෝග කළේ.
එදිනට සිද්ධිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය පොලිසියට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.
මෙම සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පිරිමි පුද්ගලයෙකු ඇතුළු සිව් දෙනෙකු තවදුරටත් එහි ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
මාළිගාවත්තේදී සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වැඩිදුර වාර්තාවක් කැඳවයි
Report969 total views