කතක් ඝාතනය කළ සැකකරුවන් හතක් අත්අඩංගුවට.

Report
10Shares

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු සිටින බවයි පොලීසිය පවසන්නේ..

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් පසුගිය 21 වැනිදා රාත්‍රී කාලයේ මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී 45 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් හය දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.