අමාත්‍යාංශ දෙකක වෙබ් අඩවියන්ට සයිබර් ප්‍රහාරයක්.

Report
3Shares

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසන්නේ, වාර්තා වන පරිදි එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් මෙය සිදුකොට ඇති බවයි.

එම සයිබර් ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජතායතනය වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

මේ වන විට එම වෙබ් අඩවි දෙක යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.