වැලිගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්.

Report
10Shares

වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ධීවර වරාය ආසන්නයේ ඇති තේ පැන්හලක් ඉදිරිපිට රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුකළ අවස්ථාවේ තුවාල ලැබූ පුද්ගලයා ඒ අසල තිබූ නිවසකට ඇතුළු වී ඇති අතර, ඔහු පසුපස පැමිණි සැකකරුවන් නැවතත් වෙඩි තබා ඇති බව ද සඳහන්.

අනතුරුව පොලීසිය පැමිණීමත් සමඟ සැකකරුවන් යතුරුපැදිය දමා පළා යාමට තැත් කිරීමේදී ගම්වාසීන් විසින් එක් සැකකරුවෙකු අල්ලා, පොලීසියට භාර දී තිබෙනවා.

පළා ගිය අනෙක් සැකකරු සොයා වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම වෙඩි තැබීම අද උදෑසන 7.30ට පමණ සිදුව තිබේ.