කළුතර නගර සභාවේ සභාපති අත්අඩංගුවට ගැනේ.

Report
3Shares

නීරෝධායන නීති උල්ලංඝනය කරමින් දේපලවලට අලාභහානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර නගර සභාවේ සභාපතිවරයා අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය 23 වනදා කළුතර - වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ ඉබි යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකට අදාළවයි.

මීට පෙර මෙම සිද්ධියට අදාළව කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.