පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමියන් කපා කොටා ඝාතනය කෙරේ.

Report
22Shares

ඉඳුරුව ගල්කන්ද ශ්‍රී විජය ධම්ම පිරිවෙනේ පරිවේණාධිපති පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි ඊයේ (28) යම්කිසි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අද (29) උදෑසන විහාරස්‌ථානයට පැමිණි පිරිසක් බුද්ධානන්ද හිමි කැපුම් තුවාල සහිත ව බිම වැටී සිටින ආකාරය දැක ඒ බව කොස්ගොඩ පොලීසියට දැනුම් දී ඇත.

පොලීසිය සැකපළ කරන්නේ, විහාරස්ථානය මංකොල්ලා කෑමට පැමිණි පිරිසක් උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි බවයි.

උන්වහන්සේ අපවත් වන විට 73 හැවිරිදි වියේ පසුවිය.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.