හෝමාගම රහස් කුටියකින් තවත් ආයුධ තොගයක් හමුවෙයි.

Report
10Shares

හෝමාගම - පිටිපන - සිල්වර්ස්ටන් වත්තේ නිවසක රහස් කුටියක සඟවා තිබූ අවි ආයුධ තොගයක් රාජ්‍ය බුද්ධි නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සොයාගැනීමට හෝමාගම පොලීසිය අද සමත් වුණා.

මෙහිදී අත්බෝම්බ 7ක්, පතොරම් තුවක්කුවක්, එම උණ්ඩ හතරක්, වෙඩි නොවදින ඇඳුම් කට්ටල දෙකක් සහ මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 77ක් මෙන්ම හඳුනා නොගත් උණ්ඩ 4ක්ද මෙහිදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මෙම නිවස පසුගියදා ගිනි අවි 12ක් සොයාගත් හෝමාගම - පිටිපන ප්‍රදේශයේ වෙළඳසැලේ හිමිකරුගේ අනියම් බිරිඳට අයත් බවයි පොලීසිය සඳහන් කළේ.

එම කාන්තාවද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.