පොලීසියේ 05ක් ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 03ක් යොදවයි.

Report
3Shares

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇතැයි පැවසෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා පිළබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා.

අද (01) සවස පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළා.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් පසුගිය දා අත්අඩංගුවට පත් විය.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් සතුව තිබී මුදල් සහ වෙනත් දේපළ ද සොයා ගනු ලැබුවා.

නමුත් මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙණ පොලිස් පරීක්ෂකවරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.