රිෂාඩ්ගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන 31වනදා.

Report
1Shares

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා වෙනුවෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 31 වනදා සලකා බැලීම සඳහා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මේ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තම සැමියා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පසුගිය අප්‍රේල් 14 වනදා නීතිවිරෝධිව අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබා ගෙන ඇති බව සැකකරුගේ බිරිඳ මෙම පෙත්සම මඟින් පෙන්වා දෙනවා.