තියුණු ආයුධයකින් පහර දී අයෙක් ඝාතනය කෙරේ

Report
0Shares

කැකිරාව, ඉහළගම හන්දිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහරකෑමෙන් තුවාල ලබා සිටි එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 33 හැවිරිදි කැකිරාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඊට සම්බන්ධ සැකකරු කැකිරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.