ජනපති ඝාතන සැලැස්ම හෙළි කළ නාමල් ආරක්ෂාව ඉල්ලයි.

Report
5Shares

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට පසුගිය ආණ්ඩුව සමයේ තිබූ ඝාතන සැලැස්මෙන් බේරා ගත්තේ තමන් විසින් බව ආන්දෝලානාත්මක හඬ පට හෙළිදරව් කළ නාමල් කුමාර මහතා සඳහන් කරනවා.

ඒ හෙලිදරවු කිරීම නිසා අද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වී සිටින බවත් ඒ සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත් වන බවත් ඔහු කියා සිටියා.

ඔහු පවසන්නේ, පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය ආරක්ෂාව ඉතා පහළට ඇද වැටී තිබූ බවත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් තමන්ට පවා හෙළිදරව් වූයේ ඒ නිසා බවයි.

නව ආණ්ඩුව යටතේ අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් විය හැකි බවද නාමල් කුමාර මහතා කියා සිටියා.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මේ තරම් වටිනා වැදගත් හෙළිදරව් කිරීම් කළ තමන්ට මේ වන තෙක් ආරක්ෂාව ශ්‍රී ලංකාවේ නීතියේ අඩුපාඩු හේතුවෙන් නොලැබෙන බවයි.