පාතාලයේ "සුමීර" අත්අඩංගුවට...පැය 24ක් තුළ 400කට වැඩි පරිසක් කොටු වෙයි.

Report
3Shares

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික සුමීර මධුසංඛ නොහොත් “සුමීර“ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කොටහේන ප්‍රදේශයේ දී හෙරොයින් සමග එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී ඊයේ (15) පෙරවරු 6.00 සිට අද (16) පෙරවරු 5.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ සැකකරුවන් 429 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 178 දෙනෙකු සහ ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.