අද දිවයිනේ සෞඛ්‍ය අංශයන් කිහිපයක වර්ජනය කරන්නෙ මෙහෙමයි.

Report
1Shares

ප්‍රවාහන දීමනා කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරී ශ්‍රේණි 18 ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව ඌව පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමයේ සභාපති ආර්.ඒ.එන්.කේ.රණවක මහතා පැවසුවා.

මේ අතර රජයේ විකිරණවේදීන් එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ද අද ආරම්භ කර තිබෙනවා.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ, සිය රාජකාරි සඳහා බලපෑම් එල්ලවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් ළමා රෝහල් හා මාතෘ රෝහල්වල එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.