කළුතර බන්ධනාගාරය තුළ සිරකරුවෙකු ගෙලවැලලා ගනී.

Report
1Shares

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි සැකකරුවෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

සියදිවි හානි කරගත් පුද්ගලයා 38 හැවිරිදි ලුනාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

සැකකරු ගෙලවැලලාගෙන ඇත්තේ, සිරමැදිරිය තුල ලේස් පටියකින් බවටයි වාර්තා වන්නේ.