ප්‍රබල අපරාධකල්ලි සාමාජිකයෙකු වෙඩි හුවමාරුවකින් මරුට.

Report
3Shares

ප්‍රබල අපරාධකල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ අදාළ පුද්ගලයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරව සිදුකළ සෝදිසි කිරීමක දී සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සොයාගෙන ඇත.

මොහු මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.