රනිල්ට 200 ක් දීල සජිත්ට 70ක් දීම සාධාරණ නැහැ..සජිත් පිලේ කෙනෙක් ප්‍රසිද්ධියේ කියයි.

Report
7Shares

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ඇමති ආරක්ෂකයන් දෙසීයක් ලබාදී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

නමුත් විපක්ෂනායකවරයා වූ සජිත් ප්‍රේමදාස මහතාට සිටින්නේ ආරක්‍ෂකයන් 70 පමණක් බවත් ඉන් ද තවත් පිරිසක් අඩු කරන්නැයි උපදෙස් ලබා දී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

හිටපු මහ ඇමතිවරුන්ට ද ආරක්ෂකයන් විශාල ප්‍රමාණයක් යොදා දී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, මෙය ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවයි.