අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් හසුවෙයි..කාන්තාවන් 04ක් මාට්ටුයි.

Report
7Shares

මහරහම ප්‍රදේශයේදී පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක්, නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (24) දිනයේ වටලා තිබෙනවා.

අන්තර්ජාලය මඟින් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පැවසුවේ, වැටලීමේදී කාන්තාවන් සිව්දෙනෙක් සහ එහි කළමනාකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.