6000 ක පිරිසක් සමඟ නිවාස සංකීර්ණක් හුදෙකලා කෙරේ..තවත් ප්‍රදේශ 02ක් ගැන දැඩි අධීක්ෂණයක.

Report
9Shares

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කල බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මෙම නිවාස සංකීරණය හය දහසක පමණ පිරිසක් සමගම හුදෙකලා කිරීමට ලක්කර ඇති බවත් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන බවද හමුදාපතිවරයා සඳහන් කළා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැල ආශ්‍රිතව මෙම ස්ථානයෙන් විශාල ආසාදිතයන් ප්‍රමාණයක් හමුවීම නිසා මෙම පියවර ගත් බවද ඔහු කියා සිටියා.

ඒ අනුව මෙම මහල් නිවාස සංකීර්ණයේ පිරිස් වලට බාහිර සමාජය සමග කිසිදු සමීප සම්බන්ධතාවයකට අවස්ථාවක් නැත.

එමෙන්ම බ්ලූමැන්ඩල් සහ කොටහේන යන ප්‍රදේශ සම්බන්ධයෙන්ද දැඩි අධීක්ෂණයක සිටින බව ද හමුදාපතිවරයා සඳහන් කළා.