කෝවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් හමු වූ ඊයේ දිනයේ ඔවුන් හමු වූ ප්‍රදේශ මෙන්න (VIDEO)

Report
5Shares

ඊයේ (15) මෙරටින් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 704ක් හඳුනාගැණුනි.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර දෙවැනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

කෙසේවෙතත් එම දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවන ආකාරය තවදුරටත් පෙන්නුම් කරමින් තිබේ.

ඊයේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්ක පහතින් දැක්වේ,

කොළඹ - 541ගම්පහ - 39ගාල්ල - 08මඩකලපුව - 07රත්නපුර - 04කුරුණෑගල - 05කළුතර - 03කෑගල්ල - 03මහනුවර - 03බදුල්ල - 03පුත්තලම - 02මාතලේ - 01පොළොන්නරුව - 01

මීට අමතරව බෝගම්බර බන්ධනාගාරය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 12ක් කුරුවිට බන්ධනාගාරය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගෙන තිබුණි.

පොලීසියේ 54 දෙනෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී තිබේ.

විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙකු ද ප්‍රදේශය අනාවරණය නොවූ ආසාදිතයන් 14 දෙනෙකු ද ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයන් අතරට අයත් ය.

මේ අතර මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 13,780 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 10,674 ක් වන අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 3,106 කි.

මේ අතරින් 8,070 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,665කි.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ මරණ 05 ත් සමග මෙම පොකුරෙන් වාර්තා වූ සමස්ථ මරණ සංඛ්‍යාව 45 ක් දක්වා වැඩිවිය.

මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 11,495 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,734 කි.

වෛරසය ආසාදිතව මියගිය සමස්ථ ගණන 58කි.

1009 total views