බන්ධනාගාරවලින් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

Report
7Shares

රාගම රෝහලේදී මියගොස් ඇති මහර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු කොරෝනා ආසාධිතයෙකු බව තහවුරු කරගෙන තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා කියා සිටියේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී සිටි වයස අවුරුදු 82 ක රැඳවියෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

අදාළ රැඳවියා දීර්ඝ කාලයක් මහර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව ඔහුව රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මහර බන්ධනාගාරයේදී ඔහුට පී සී ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බවටයි තහවුරු වී ඇත්තේ.

කෙසේවෙතත් මෙම රැඳවියා රාගම රෝහලේදී මියයාමෙන් පසුව නැවත පී සී ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔහු කොවිඞ් ආසාධිතයෙකු බව එහිදී තහවුරු වූ බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සදහන් කළේ.

අද වනවිට දිවයිනේ බන්ධනාගාර තුලින් කොරෝනා ආසාදිතයින් 682 ක් හදුනාගෙන ඇති බව ද චන්දන ඒකනායක මහතා කියාසිටියා.