නිරෝදායනයට යොමු කර සිටි සිව්දරු මවක් නිවසේදිම ජිවිතක්ෂයට….

Report
25Shares

ස්වයන් නිරෝදනයට යොමු කර සිටි සිවුදරු මවක් (28) දින අලුයම මිය ගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත්වි ඇතිතේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායට අයත් කැමිපිියන් වත්ත පහල කොටසේ පදිංචිව සිටි කනදයියා තෙයිවානේ නැමැති ( 69 ) හැවිරිදි සිව්දරු මවකි.

ජිවිතක්ෂයට පත් කාන්තාවගේ දියනිය සහ මිණිබිරි බත්තරමුල්ල ප්‍රදේශයේ රැදි සිට ඉකුත් (16) වෙනි දින මවගේ නිවසට පැමිණිමෙන් අනතුරුව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ජිවිතක්ෂයට පත් කාන්තාව ඇතුළු එම පවුලේ පස් දෙනෙකු ස්වයන් නිරෝදනයට යොමු කර තිබුණී.

ජිවිතක්ෂයට පත් කාන්තාවගේ මරණ පරික්ෂණය බගවන්තලාව ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වර්ධන් ධනලෙච්චමි මහත්මිය විසින් සිදු කල අතර මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේඥය අධීකරණ වෛද්‍යයවරිය වෙත යොමු කරන ලෙස හදිසි මරණ පරික්ෂක වරිය විසින් බගවන්තලාව පොලිසියට නියෝග කලහ .

මේ අතර මියගිය කාන්තාවගේ පි.සි.ආර් පරික්ෂණයක්ද බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් (28) දින සිදු කරන ලදි.