කොරෝනා මළසිරුරු මෝචරියේ ගොඩගැසෙයි..හේතුව මෙන්න.

Report
6Shares

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වනවා.

ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ පවුලේ පිරිස් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ නිසා කොළඹ ජාතික රෝහලේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දින කිහිපයක් තිස්සේ මෘතදේහ තබා ගැනීමට සිදුව තිබේ.

ඇතැම් පිරිස් මිනී පෙට්ටි ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ ආදාහනය කිරීමට විරෝධය දැක්වීමක් ලෙස යයිද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයකු ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබේ.

නමුත් ඇතැම් පුද්ගලයන්ට මිනී පෙට්ටියක් මිලදී ගැනීම සඳහා වත්කමක් සත්‍ය වශයෙන්ම නැති බව පෙනී යන බවද ඔහු සඳහන් කර ඇත.