බ්‍රිතාන්‍ය පොලිසිය අත් අඩංගුවට ගත් දෙමළ සිව්දෙනා පසුදාම නිදහස්

Report
2Shares

ත්‍රස්ත පනත යොදාගනිමින් බ්‍රිතාන්‍ය ගුවන් තොටුපලකදී අත් අඩංගුවට ගන්නා ලද ලාංකික දෙමළ හතර දෙනකු පැය ගණනක් තුලදී කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කර යවා තිබේ.

ලූටන් ගුවන් තොටුපලින් බ්‍රිතාන්‍යයට ගොඩබට පසු අත් අඩංගුවට ගන්නා ලද සිව් දෙනා 12 සිකුරාදා නිදහස් කර යවන ලද බව ලන්ඩන් අගනාගරික පොලිසියේ ප්‍රකාශකයකු ගගන හා කියා සිටියේය.

තහනම් සංවිධානයකට සම්බන්ධ බවට සැක කරමින් ඔවුන් ත්‍රස්ත මර්දන පොලිස් විධානය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ අප්‍රේල් 11 දා රාත්‍රී යාමයේය.

ඔවුන් කවර සංවිධානයකට අයත් බවට සැක කෙරෙන්නේ දැයි පොලිසිය විසින් පැහැදිලි කොට නැත.

බ්‍රිතාන්‍ය භූමියේදී දෙමළ සිව් දෙනා අත් අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන් ලූටන් ගුවන් තොටුපලෙන් ගොඩ බැස එරට දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමෙන් අනතුරුව බව එයින් එක් තැනැත්තකු වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥයකු ගගන හා ප්‍රකාශ කළේය.