20 විස්ස ලෝක කුසලාන තවමත් සුදානමක් නැහැ - මාලිංග කියයි

Report
11Shares

20 විස්ස ලෝක කුසලාන තරගාවලියට තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම සුදානමක් නොමැති බව 20 විස්ස නායක ලසිත් මාලිංග පවසනවා.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම තරගවලට සහභාගී වීමට සිදුවූ බැවින් 20 විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා තවමත් සුදානම් වීමට නොහැකි වූ බවයි.

නමුත් මෙවර තරගයේ කුසලානය හිමි කර ගැනීම සම්බන්ධයෙන් කණ්ඩායමේ ක්‍රීඩකයන් තුල දැඩි විශ්වාසයක් පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ.