රනිල් - සම්බන්ධන් හොර ගිවිසුම් ප්‍රචාර බොරු | VIDEO

Report
2Shares

එක්සත්ජාතික පක්ෂ නායකයාගේ අගමැතිකමට සහාය පල කරමින් පාර්ලිමේන්තුවේ ඡන්දය ලබා ගැනීමටදෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමක් අත්සන් කොට නැති බව ඒ පක්ෂ දෙකම එකහෙලා ප්‍රකාශකරයි.

රනිල්වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය වරයා ලෙසින් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලදයෝජනාව මන්ත්‍රීවරුන් 117 දෙනකුගේ ඡන්දයෙන් 12 බදාදා සම්මත වී තිබුනි.

දෙමළ ජාතික සන්ධානයේ (TNA) මන්ත්‍රීවරුන් 14දෙනකු ද රනිල් වික්‍රමසිංහට සහාය පල කළ අතර එම පෙරමුණින් පත්වී ස්වාධීන වශයෙන්කටයුතු කරන වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා ඡන්දයදීමෙන් වැළකී සිටියේය.

ඡන්ද ප්‍රතිපලය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහසහ ආර් සම්බන්ධන් විසින් ඉංග්‍රීසියෙන් අත්සන් තබන ලද ගිවිසුමක් සේ දක්වමින් ඇතැම්ජාතිකවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අතර සංසරණය වූ සිංහල ලියවිල්ල ව්‍යාජයක් බව දෙමළජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය විසින් දැඩිව ප්‍රකාශ කර තිබේ.

එම ව්‍යාජ ලියවිල්ල මුලින්ම ප්‍රසිද්ධියට පත්කළේ විභාෂණ චන්ද්‍රජිත්කොන්ඩදෙනිය නම් අයකු බව පවසන එජාප මන්ත්‍රී එස් එම් මරික්කාර් ඒ සම්බන්ධයෙන්පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

“ජාතිවාදයවඩවන්න, ලේවගුරුවන්න,ජාතීන් හැටියට බෙදන්න, ආගම්හැටියට බෙදන්න, රටඅස්ථාවර කරන්න” නිර්මාණය කරන ලද කුට ලේඛනයක් ලෙස ඔහු එය හෙලා දුටුවේය.

තමන් ගොනුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට පවාTNA නායකයා සුදානම්බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙටි නිවේදනයක් නිකුත් කරන TNA නායක ආර් සම්බන්ධන් එම ලියවිල්ල ව්‍යාජයක් බව ප්‍රකාශකර තිබේ.

පාර්ලිමේන්තුවවිසුරුවා හරිමින් ජනාධිපති කළේ නීති විරෝධී කටයුත්තක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව උසාවි භූමියේදී මාධ්‍යවේදීන්කළ විමසීමකට පිළිතුරු දෙමින් එම් ඒ සුමන්දිරන් පැවසුවේ රනිල් වික්‍රමසිංහ ට සහායදුන්නේ “කිසිදු කොන්දේසියකින් හෝ ගිවිසුමකින් තොරව” බවයි.

දෙමළජනතාවගේ විසඳිය යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමග පමණක් නොව මහින්දරාජපක්ෂ ද සමගින් TNAසාකච්ඡා පවත්වා ඇති බව සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

කොන්දේසිපනවන්නේ නැතිව එජාප නායකයාගේ අගමැතිකමට සහාය දීම ගැන දෙමළ ජාතික ජනතා පෙරමුණ සහඊපීආර්එල්එෆ් ඇතුළු උතුරේ දෙමළ පක්ෂද කිහිපයක්ම දෙමළ ජාතික සන්ධානයට විරෝධය පල කරතිබේ.