“හිතුවක්කාර” ගුවන් විදුලි සංස්ථා සභාපති කතානායකගෙන් සමාව අයැදී

Report
3Shares

කිහිපවරකරන ලද දැනුම්දීම් නොසලකා හරිමින් පාර්ලිමේන්තුවේ රැස්වීම් සජීවී ලෙස ප්‍රචාරයනොකර සිටීම ගැන රාජ්‍ය ගුවන් විදුලියේ ප්‍රධානියා කතානායකවරයාගේ සමාව ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයාවිසින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැති ලෙස නම් කිරීමෙන්අනතුරුව සභාපති ලෙස පත් කරන ලද ආචාර්ය සෝමරත්නදිසානායක පාර්ලිමේන්තුවේමහලේකම් සහ මහලේකම් නියෝජ්‍ය මහලේකම් දෙදෙනාම දැනුම් දීතිබියදීත් පාර්ලිමේන්තුසැසිවාර ප්‍රචාරය අත් හිටුවීම කතානායකවරයා විසින් හඳුන්වන ලද්දේ හිතුවක්කාර ක්‍රියාවක්ලෙසයි.

මුදල්ද අයකරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කරන ආකාරය ජනතාවගේ තොරතුරුදැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බව සභාව හමුවේ අවධාරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීඅජිත් පී පෙරේරා ඒ ගැන දැඩි පියවර ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා තිබුනි.

ඒසම්බන්ධයෙන් වහාම පියවර ගන්නා බවට පාර්ලිමේන්තුව හමුවේ සහතික වූ කතානායකවරයාවිසින් එදිනම පස්වරුවේ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක සහ ජනමාධ්‍යඅමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි කැඳවා තිබුනි.

සජීවීවිකාශනය අත්හිටුවීම සම්බන්ධයෙන් කතානායකවරයා හමුවේ කනගාටුව පලකළ සභාපතිවරයා “හැකිඉක්මනින් එම තත්වය නිවැරදි කරනු ලබන බවට තහවුරු කළ” බව කතානායක මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රුපවාහිනීආයතනය (ITN)එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) යන රාජ්‍ය මාධ්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වයපිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුවී ඇති බවද කතානායකවරයා විසින් ජනමාධ්‍යඅමාත්‍යංශ ලේකම් සහ ගුවන් විදුලි සංස්ථාසභාපති ට දැනුම් දී තිබේ.

එමආයතනවල පාලනාධිකාරිය දැනට පවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්පාර්ලිමේන්තුව අත්හිටුවා, රනිල් වික්‍රමසිංහ වෙනුවට අගමැති කමට මහින්ද රාජපක්ෂ පත්කිරීමත් සමගම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්කැටුව ගිය ආධාරකරුවන් යටතේය.

පාර්ලිමේන්තුවේසැසිවාර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා මුදල් අයකරන ශ්‍රී ලංකා ගුවන් විදුලිසංස්ථාව එම ගිවිසුම උල්ලංඝනය කිරීම සභාපතිවරයාගේ හිතුවක්කාර ක්‍රියාවක් ලෙසකතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී හඳුන්වන ලදී.