අද්මිරාල්ගේ බියගැන්වීම ගැන පරීක්ෂණ කොටුව පොලිසියෙන් ඉවත් කරයි | VIDEO

Report
3Shares

නාවිකහමුදා නිලධාරීන් සම්බන්ධ මහා පරිමාන අපරාධ නඩුවක සාක්ෂිකරුවකු තර්ජනයෙන් බියගැන්වීමේ චෝදනා නැගී තිබෙන රටේ ඉහළම හමුදා නිලධාරියා පිළිබඳ පොලිස් පරීක්ෂණ කොටුවපොලිස් ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ සහ ඒ අවටින් 2008-2009 කාල වකවානුවේ 11 දෙනකු පැහැරගෙන ගොස් වධ දී අතුරුදහන් කිරීමසම්බන්ධයෙන් පවරා ඇති නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුට මරණීය තර්ජනය කිරීමේ චෝදනා නැගීතිබෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා (CDS) ගැන කොටුව පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වන ආකාරයපිලිබඳ සෑහීමකට පත් නොවූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් එම නියෝගය පනවන ලදී.

කොටුව පොලිස් ස්ථානාධිපති එම නඩුවට අදාළව “කිසි උනන්දුවක් නොමැති බව” පෙනී ගිය හෙයින්වෙනත් සුදුසු පොලිස් ස්ථානයකට හා නිලධාරියකුට එම විමර්ශන භාර කරන ලෙස අධිකරණය නියමකළ බව අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න මාධ්‍යවේදීන් හා කියා සිටියාය.

සාක්ෂිකාර ලුතිනන් කොමදෝරු ලක්සිරි ගලගමගේට නාවික හමුදා මුලස්ථානය තුලදී අවිගත් ආරක්ෂක භට පිරිසක් යොදවා පහර දී පැහැරගෙන යාමට තැත්කිරීම පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ කොටුව පොලිසියටයි.

කොටුව පොලිසිය විසින් අද්මිරාල් තැන සැකකරුවකු ලෙසනම් නොකිරීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට ඇප නියම කරන ලදී.

චුදිතයා සාක්ෂිකරුවකුට තර්ජනය කිරීමේ අපරාධයට සැකකරුවකු ලෙස නම් කරනු ලැබුයේ නම් ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන්භි අයාචනාධිකරණයට පැවරෙන බව විනිසුරුවරයා විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වා දී තිබේ.


අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළ මහේස්ත්‍රාත් රංග දිසානායක සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ඔහුට දැඩි ලෙස අවවාද කළේය.

එම නඩුව දෙසැම්බර් නැවත කැඳවා ඇත්තේ 16දාටය.

නඩු විභාගය පැවැත්වෙද්දී නීතිඥ අචලාසෙනෙවිරත්න ට NGO මුදලින් යැපෙන අයකු ලෙස අපහාස කිරීම සම්බන්ධයෙන්මහේස්ත්‍රාත් වරයාගේ දෝෂ දර්ශනයට ලක්වූ අද්මිරාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විවෘතඅධිකරණයේදී සමාව ඉල්ලා තිබේ.

අතුරුදහන්කරන ලද 11 දෙනා පිළිබඳ නඩුව නැවත කැඳවා ඇත්තේ දෙසැම්බර් 11 දිනටය.

එමඅපරාධය සම්බන්ධයෙන් සැක කෙරෙන ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිටනීතියෙන් වසං වී සිටීමට උපකාර කළ බවට ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා චෝදනා ලබයි.