ජිනීවා යෝජනාව: කාල රාමුවක් තුල ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තවත් කල් ඉල්ලයි

Report
3Shares

හතර අවුරුද්දක් පැරණි ජිනීවා යෝජනා නිශ්චිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක කිරීම සඳහා තවත් දෑවුරුද්දක් කල් දෙන ලෙස ජගත් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාව එකඟතාව පළකර තිබේ.

එම ඉල්ලීම සහිතව කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝව, උතුරු මැසඩෝනියාව සහ එක්සත් රාජධානිය එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ 12 අඟහරුවාදා ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතට ශ්‍රී ලංකාවද හවුල් වන බව විදේශ කටයුතුඅමාත්‍යාංශය ගගන හා කියා සිටියේය.

යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඇතුළුව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් රැකීමටපොරොන්දු වෙමින් 2015 දී ශ්‍රී ලංකාවද හවුලේ සම්මත කරගත් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට තවත් කල් දෙන්නේ නම් ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් නියම කරන ලෙස උතුරේ යුදපීඩිත ජනතාව ජගත් මණ්ඩලයට ආයාචනය කර තිබුනි.

ජිනීවා යෝජනාවේ ප්‍රකාර කටයුතු කිරීමට මුල පුරා ඇති බව දැක්වීමට ආණ්ඩුව විසින් ගෙන ඇති පියවර නවකෙටුම්පතේ ප්‍රසාදයට හේතුවී තිබේ.

වන්දි ගෙවීමේ කාර්යාලයක් පිහිටුවා, සත්‍ය හා සංහිඳියා කොමිසමක් පිහිටුවීමේ පනත් කෙටුම්පතක් සඳහා වන සංකල්ප පත්‍රිකාවක්ඉදිරිපත් කොට, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කොට, ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතක් සඳහා සැලසුම් කිරීම සැලකිල්ලට ගෙන ඇති බව පවසන මෙවර කෙටුම්පත, “මේ සන්දර්භය තුල තවදුරටත් සැලකියයුතු ප්‍රගතියක් අත් කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතර යෝජනාව ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගය සඳහා කාල රාමුවක් යොදා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි,” යනුවෙන් සඳහන් කරයි.

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමද එහිදී විශේෂ ප්‍රශංසාවට පාත්‍රවී තිබුනි.

කෙසේවෙතත්, යුදපීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා යැයි ආණ්ඩුව විසින් පිහිටුවනු ලබන ආයතන වල පලදායී බව පිළිබඳව මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරියගේ ප්‍රසාදය හිමිව තිබුනේනැත.

නිශ්චිත ප්‍රතිපල නෑ

“සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙනයාම සඳහා ආයතන පිහිටුවීමට මුල පුරා තිබුනත්, නිශ්චිත ප්‍රතිපල තවමත් ලැබී නැත,” යි මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පසුගිය සතියේ කියා සිටියාය.

ශ්‍ රීලංකාවේ මානව හිමිකම් මෙන්ම සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ වගවීම නගා සිටුවා ආරක්ෂා කිරීම සඳහා දෙන තාක්ෂණික උපකාර දිගටම ලබා දෙන ලෙස ජගත් මණ්ඩලය හමුවේ තබා ඇති යෝජනා කෙටුම්පත මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කරයි.

එකඟතා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් තවත් අවුරුද්දකින් ලිඛිතව කරුනු දක්වන ලෙස මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටින කෙටුම්පත එයින් අවුරුද්දක් ගිය තැන අංග සම්පූර්ණ වාර්තාවක් ජගත් මණ්ඩලයට ලබා දෙන ලෙස යෝජනා කරයි.

මේ සමගම ජිනීවා නුවරින් ප්‍රකාශයට පත් වුනු පරිදි, වධහිංසාව වැලැක්වීම සඳහා වන එක්සත්ජා තීන්ගේ කමිටුවේ නියෝජිත පිරිසක් ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීමට කටයුතු යොදා තිබේ.

රට තුල සිදු කෙරෙන පැහැරගැනීම් හා වධහිංසා තවමත් නතරවී නැති බව මහකොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාව පිලිබඳව නිකුත් කරන ලද විශේෂ වාර්තාවේ දැක්වේ.