ඩුබායි වලින් මෙරටට පිටුවහල් කළ මොහොමඩ් ෆයිසර් රිමාන්ඩ්

Report
1Shares

පාතාලේ නායක මාකදූරේ මදුෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කලේ ඔහු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරුගෙන් ප්‍රශ්න කර ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදුන් අතර එම කොට්ඨාශය විසින් ඊයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24ක කාලයක් රැඳවුම් නියෝග ලබා ගන්නා ලදි.

පසුව සැකකරු අද(10) අධිකරණයට ඉදිරිපත් කළේය.

පසුගිය වසරේදී මාළිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීම සහ පුද්ගලයෙක් ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

පසුගියදා පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු 25දෙනෙකුට අධික පිරිසක් ඩුබායි හෝටලයක පැවති සාදයකදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් කිහිපදෙනෙකු පසුගිය දිනවල එරටින් පිටුවහල් කර තිබුණි.