කසළ කළමනාකරණයටත් කමිටුවක්

Report
1Shares

කසළ කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඊයේ (09) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට කසළ කළමනාකරණය ජාතික ගැටලුවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත් කෙරේ.

එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක මහතා, වජිර අබේවර්ධන මහතා සහ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පත් කර ඇති බව සඳහන්ය.