රජරට කෘෂිකර්මාන්තයේ සිදු වූ නව පරිවර්තනය ගැන ජනපතිගෙන්

Report
2Shares

මොරගහකන්ද-කළුගග මහා වාරි ව්‍යාපෘතිය නිමවීමත් සමග රජරට ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද(10) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිමේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක් වෙමිනි.

වයඹ සහ නැගෙනහිර පළාත්වල ගොවි ජනතාවටද එම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන බව මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රය ආරම්භ කරමින් පොළොන්නරුව ගල්විහාර බුද්ධ ප්‍රතිමා වහන්සේ අසල දී කිරි ආහාර පූජාව පැවැත්වූ ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනපති වැඩිදුරටත් පැවසූවේ රටේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් එදා සිටම කැපවීමෙන් කටයුතු කළ තමන් ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව රටේ කෘෂිකර්මාන්තයෙත්, ගොවි ජනතාවගෙත් යහපත වෙනුවෙන් ගතයුතු සෑම තීන්දු තීරණයක්ම ගැනීමට නොපැකිළිව කටයුතු කළ බවයි.