උදාවන අලුත් අවුරුද්ද ජීවිත අලුත් කර ගන්න ලැබෙන කදිම අවස්ථාවක්

Report
1Shares

එළඹෙන සිංහල,දෙමළ අලුත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කර ගැනීමටත් ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම සුභාශිංසන පණිවිඩය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උතුරු-දකුණු භේදයකින් තොරව ලාංකීය සමාජයේ සැවම එක්ව සමරන අලුත් අවුරුද්ද මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් වන බවත් අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විදීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා සදහන් කර සිටියි.

අලුත් අවුරුද්ද කේන්ද්‍ර කොට ගත් සංකල්ප, චාරිත්‍ර විධි මේ සියල්ල සොබාදහම සහ මිනිසා වන බවත් එම සම්බන්ධතාව අලුත් වන බවත් පවසමින් උදාවන සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා තම සුභපැතුම් එක් කළේය.