නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලේ තවත් පියවරක් හෙට

Report
1Shares

දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 138ක් බෙදාදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) පෙරවරු 10.00 ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි.

බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි.

මේ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලියන 1441.8ක ගිලන් රථ මෙ‌සේ බෙදාදීමට නියමිතව තිබේ.