ලංකා ගමනාගමන මණ්ඩලයට වාර්තාගත ආදායමක්

Report
1Shares
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාව හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට වාර්තාගත ආදායමක් ලැබී තිබෙන බව වාර්තා වේ.
ඊයේ(12) දිනය තුළ පමණක් දෛනික ආදායම රුපියල් මිලියන 100, ඉක්මවා ගිය බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් ටී චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඔහු කියා සිටියේ ඊයේ (12) දිනයේද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ බවයි.