ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙක් ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

Report
3Shares

ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලේදී එරට තහනම් සංවිධානයක සාමාජිකයින් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ එරට ත්‍රස්ත පනතේ 11 වන වගන්තියට අනුව මෙම ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලීසියට ලද තොරතුරු මත 11 වනදා ගුවන්තොටුපලේ රැදී සිටියදී මෙම ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර බේට්පෙෂර් පොලීසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඔවුන් සිව් දෙනා පසුගිය 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව සඳහන්ය.