පුද්ගලයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කෙරේ

Report
2Shares
සෙවනගල,තුන්කමයාය, නුගේගලයාය ප්‍රදේශයේ වගා ඉඩමකදී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසූවේ අද(13) අළුයම 04.00ත් උදෑසන 07.30ත් අතර කාලය තුළදී අදාළ ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස කපා කොටා ඝාතනය කොට ඇත්තේ අදාළ වගා ඉඩමේ වාඩියක නිදාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකුවය.
වයස අවුරුදු 39ක් සහ 54ක් වූ සෙවනගල, නුගේගලයාය සහ කිරිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ ඝාතනයට ලක්ව ඇති බව සඳහන්ය.
මොණරාගල මහේස්ත්‍රාත්වරයා විසින් මෘත ශරිර සම්බන්ධයෙන් පරික්ෂණය සිදු කිරිමට නියමිතය.සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.