ගතවූ පැය 24ක කාලය තුල සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් හය දෙනෙක්ට තුවාල

Report
1Shares
ගතවූ පැය 24ක කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
අද(14) අලුයම 2ට පමණ හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේදී බදුල්ල සිට හාලිඇල බලා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බැම්මක ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන්කල තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
එසේම හපුතලේ සිට හල්දුම්මුල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් විහාරගල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.