සෙවනගල ද්විත්ව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Report
1Shares
සෙවනගල,තුන්කමයාය,නුගේගලයාය ප්‍රදේශයේ වගා ඉඩමකදී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ අදාළ ප්‍රධාන සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(13) රාත්‍රියේදී මෙම සැකකරු ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයද සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 31ක් වූ මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ එම ඝාතන ඉඩම් ආරවුලක් මත සිදු කර ඇති බවයි.සෙවනගල,තුන්කමයාය,නුගේගලයාය ප්‍රදේශයේ වගා ඉඩමකදී ඊයේ(13) අළුයම 04.00ත් උදෑසන 07.30ත් අතර කාලය තුළදී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබුනි.