ඖෂධ වර්ග 27ක වෙළෙඳපොල මිල ගණන් විශ්ලේෂණය අවසන් අදියරට

Report
1Shares
ඖෂධ වර්ග 27ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අනුව එම ඖෂධ වර්ගවල වෙළෙඳපොල මිල ගණන් විශ්ලේෂණය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
රුපියල් මිලියන 40ක මුදලක් වැය කරමින් ඉදි කරන ලද පාලින්ද නුවර සෞඛ්‍ය, වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ඖෂධ වර්ග 27ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවත්, ඉන් පසු පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට තමන් සුදානම් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.