කෝටි දෙකක මැණික් ගලක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Report
1Shares
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් මැණික් ගලක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් වයිකාවල,හෝමාගම,බංගදෙනිය, වඩුමුන්නේගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය මාර්තු 24 වන දින මීගමුව නගරයේ පිහිටි හෝටලයකදී අලෙවි කිරීමට රැගෙන ආ මැණික් ගලක් සහ එහි අයිතිකරු පැහැරගෙන ගොස් රුපියල් 50,000ක මුදලක්ද කොල්ලකා ඇති බවට මීගමුව පොලීසියට පැමිණිලක් ලැබී තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසූවේ පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු කළ විමර්ශනවලට අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.