ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ලාංකිකයින් ගැන කිසිදු තොරතුරක් දැනුම් දී නෑ

Report
1Shares
ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
මොවුන් ශ්‍රී ලාංකිකයින් බව පැවසුව ද ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙට්රොපොලිටන් පොලීසිය විසින් එරට තානාපති කාර්යාලයට ලබා දී නොමැති බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම ශ්‍රී ලාංකකියින් බව පැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව ද ඔවුන් පවසා සිටියේය.
පසුගිය 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි ත්‍රස්ත සංවිධානයකට අයත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලේදී පසුගිය 11 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේය.